Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 3 පරිච්ඡේදය — පදාර්ථයේ ව්‍යූහය

3.1. පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතිය 5 වන පිටුව (5)

ස්කන්ධ ක්‍රමාංකය

උප පරමාණුක අංශු තුනෙන් ඉලෙක්ට්‍රෝනය ඉතාමත් සැහැල්ලු ය: ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1/1840 ක් පමණ වේ.

ප්‍රෝටෝනයක හා නියුට්‍රෝනයක ස්කන්ධ ආසන්න වශයෙන් සමාන වේ. ඒවා සමඟ සසඳන විට පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝනවල ස්කන්ධය නොගිනිය හැකි තරම් කුඩා ය. එබැවින් පරමාණුවේ ස්කන්ධය තීරණය වන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන මගින් පමණි.

ස්කන්ධ ක්‍රමාංකය (mass number)

ස්කන්ධ ක්‍රමාංකය = ප්‍රෝටෝන සංඛ්‍යාව + නියුට්‍රෝන සංඛ්‍යාව

එය A අකුරෙන් නිරූපණය කරන අතර, න්‍යෂ්ටියේ ඒකරාශී වී ඇති අංශු ගණන එයින් කියැවේ.

උදාහරණයක්

  • සෝඩියම්වල (Sodium, Na) පරමාණුක ක්‍රමාංකය 11 කි.
  • එබැවින් සෝඩියම් පරමාණුවක ප්‍රෝටෝන 11ක් ඇත.
  • එහි අඩංගු වන්නේ නියුට්‍රෝන 12ක් නම්,

සෝඩියම් පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය = 11 + 12 = 23

ක්‍රමාංක දෙක ලියා දක්වන ආකාරය

දෙක ම එකවර දැක්වීමේ සම්මත ක්‍රමයක් ඇත. සංකේතයේ වම් පස ඉහළින් ස්කන්ධ ක්‍රමාංකය ද පහළින් පරමාණුක ක්‍රමාංකය ද යොදනු ලැබේ:

2311Na

A = 23 (ස්කන්ධ ක්‍රමාංකය) · Z = 11 (පරමාණුක ක්‍රමාංකය)

නියුට්‍රෝන සංඛ්‍යාව සොයා ගැනීම

ස්කන්ධ ක්‍රමාංකය හා පරමාණුක ක්‍රමාංකය අතර අන්තරයෙන් ලැබෙන්නේ පරමාණුවේ අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාවයි.

නියුට්‍රෝන සංඛ්‍යාව = A − Z