Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.2. ප්‍රෝටීන (Proteins) 7 වන පිටුව (12)

7 වන ප්‍රශ්නය

ඇමයිනෝ අම්ලයක් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් ලෙස හැඳින්වෙන්නේ ඇයි?

නිවැරදි පිළිතුර ඉහත ලකුණු කර ඇත.

ඇතැම් ඇමයිනෝ අම්ල ශරීරය තුළ නිපදවා ගත නොහැක. ඒවා ආහාර මගින් ම ලබාගත යුතු ය; "අත්‍යවශ්‍ය" යන්නෙන් අදහස් වන්නේ එයයි.

මෙම වචනය සම්බන්ධ වන්නේ ලබාගන්නා ආකාරයට මිස වැදගත්කමට හෝ ප්‍රමාණයට නොවේ — ඇමයිනෝ අම්ල 20 ම අවශ්‍ය වේ. මස්, මාළු, බිත්තර සුදු මදය හා මුං, කව්පි වැනි මාෂ භෝග ඒවා සපයන ආහාර වේ.

ඉදිරියට යාමට ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.