Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය

7.2. සාපේක්ෂ අණුක ස්කන්ධය 4 වන පිටුව (5)

අණු කිහිපයක වගුවක්

එකතු කිරීමේ ක්‍රමය අණු කිහිපයක් සඳහා ම යොදා බලමු. එක් එක් පේළියේ මැද තීරුව කියවා, දකුණු තීරුව ඔබ ම ලබා ගත හැකි ද යන්න බලන්න.

ප්‍රභේදය අණුක සූත්‍රය සාපේක්ෂ අණුක ස්කන්ධය
හයිඩ්‍රජන් H2 2 × 1 = 2
නයිට්‍රජන් N2 2 × 14 = 28
ඔක්සිජන් O2 2 × 16 = 32
කාබන් ඩයොක්සයිඩ් CO2 12 + (2 × 16) = 44
ග්ලුකෝස් C6H12O6 (6 × 12) + (12 × 1) + (6 × 16) = 180

තව තුනක්, ඔබ ම කර බලන්න

අභ්‍යාසය 01

පහත සංයෝගවල සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්න. පිළිතුරු බැලීමට පෙර ම උත්සාහ කරන්න.

  1. ඇමෝනියා (NH3) — සා.ප.ස. H = 1, N = 14
  2. සල්ෆියුරික් අම්ලය (H2SO4) — සා.ප.ස. H = 1, O = 16, S = 32
  3. සුක්‍රෝස් (C12H22O11) — සා.ප.ස. H = 1, C = 12, O = 16

පිළිතුරු

NH3 = 14 + (3 × 1) = 17

H2SO4 = (2 × 1) + 32 + (4 × 16) = 98

C12H22O11 = (12 × 12) + (22 × 1) + (11 × 16) = 342

සුක්‍රෝස් සඳහා පරමාණු 45 ක් එකතු කිරීමට සිදු වේ; ලොකු ම වැරදි ඇති වන්නේ එහි ය. පරමාණු වර්ග තුන වෙන් වෙන් ව ලියා පසුව එකතු කිරීම ආරක්ෂිත ය.