ප්‍රතිරෝධකයක් කියවීම
පටි හතරක්, ප්‍රශ්න තුනක්. කාර්ය අනුපිළිවෙළ සැම විට ම එක ම ය: පළමුව ඉලක්කම්, ඉන්පසු ගුණකය, ඉන්පසු සහන අගය.
නිදසුන 1
ගැටලුව
පහත දැක්වෙන්නේ වෙළෙඳපොළෙන් ලබාගත් ස්ථීර ප්‍රතිරෝධකයකි. එහි පටි දුඹුරු, කළු, රතු සහ රිදී වේ.
- එහි ප්‍රතිරෝධී අගය සොයන්න.
- මෙම ප්‍රතිරෝධකයේ සහන අගය කීය ද?
- මෙම ප්‍රතිරෝධකයට තිබිය හැකි සත්‍ය අගය පරාසය කුමක් ද?
රූපයක් එක් කළ යුතුය
1 කොටස — අගය
දුඹුරු = 1, කළු = 0, රතු = 102 න් ගුණ කරන්න
අගය = 10 × 100
= 1000 Ω
2 කොටස — සහන අගය
සිව්වන පටිය රිදී නිසා, සහන අගය = ± 10%
3 කොටස — පරාසය
අගය වෙනස්වන ප්‍රමාණය = 1000 × 10 ÷ 100 = 100 Ω
පරාසය = (1000 − 100) Ω සිට (1000 + 100) Ω දක්වා
= 900 Ω to 1100 Ω
19.3 අභ්‍යාසය
ගැටලුව
තැඹිලි, තැඹිලි, කහ සහ රන් ලෙස වර්ණ තීරු හතරක් සටහන් කර ඇති ප්‍රතිරෝධකයක් ඔබට සපයා ඇත.
- ප්‍රතිරෝධකයේ අගය සොයන්න.
- එහි සහන අගය කොපමණ ද?
- ප්‍රතිරෝධකය සඳහා තිබිය හැකි අගය පරාසය ගණනය කරන්න.
පළමු පටි දෙක ඉලක්කම් ය, ගුණ කළ යුතු සංඛ්‍යාවක් නොවේ
දුඹුරු සහ කළු යනු 1 සහ 0 ය, ඒවා එකට 10 සාදයි, 1 × 0 නොවේ. ඉලක්කම් දෙක එකිනෙක අසල ලිවීම පියවර වන අතර, ඉන්පසුව පමණක් තෙවන පටිය ගුණ කරයි.