Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 17 පරිච්ඡේදය — ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

17.1. ප්‍රතික්‍රියාව සිදු වන උෂ්ණත්වය 2 වන පිටුව (4)

පමැංගනේට් පරීක්ෂණය

ක්‍රියාකාරකම 17.2 හි දී වෙනස් වන්නේ උෂ්ණත්වය පමණි. ද්‍රාවණ, පරිමා සහ ඇණ සියල්ල එකම ලෙස තබා ගනී.

ක්‍රියාකාරකම 17.2

අවශ්‍ය ද්‍රව්‍ය: සමාන ප්‍රමාණයේ යකඩ ඇණ 2 ක්, ජලය, තනුක පොටෑසියම් පමැංගනේට් (KMnO4) ද්‍රාවණය, තනුක සල්ෆියුරික් අම්ලය (H2SO4), විරාම ඝටිකාව, පරීක්ෂා නළ දෙකක්, දාහකයක්.

  • ඉතා තනුක පොටෑසියම් පමැංගනේට් ද්‍රාවණයක් සාදා ගන්න.
  • පරීක්ෂා නළ දෙකකට එම ද්‍රාවණයෙන් සමාන පරිමා දමා, එම පරිමාවලට සල්ෆියුරික් අම්ලය සමාන ප්‍රමාණ එකතු කරන්න.
  • ඉන් එක් නළයක් තරමක් ඉහළ උෂ්ණත්වයකට රත් කරන්න.
  • නළ දෙකට ම හොඳින් පිරිසිදු කළ, එක සමාන යකඩ ඇණ, සමාන සංඛ්‍යාවක් දමන්න.
  • එක් එක් නළයේ ඇති ද්‍රාවණයේ වර්ණය වෙනස් වීමට ගත වන කාලය විරාම ඝටිකාවකින් මැන ගන්න.

රූපයක් එක් කළ යුතුය

පරීක්ෂා නළ දෙක: වමේ ආම්ලිකෘත KMnO4 ද්‍රාවණය සහ දකුණේ රත් කරන ලද ආම්ලිකෘත KMnO4 ද්‍රාවණය, එක් එක් නළයේ පිරිසිදු යකඩ ඇණය සමග (ක්‍රියාකාරකම 17.2).

මෙහි දී අප නිරීක්ෂණය කරන්නේ වර්ණය වෙනස් වීම ය. පොටෑසියම් පමැංගනේට්වල දම් වර්ණය යකඩ සමග ප්‍රතික්‍රියා කරන විට මැකී යයි, එබැවින් වර්ණය මැකීම ප්‍රතික්‍රියාව අවසන් වීමේ ලකුණ යි.