Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 17 පරිච්ඡේදය — ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

17.1. ප්‍රතික්‍රියාව සිදු වන උෂ්ණත්වය 3 වන පිටුව (4)

නිරීක්ෂණය වූයේ කුමක් ද?

නළ දෙක එකට තබා බැලූ විට, එකක් අනෙකට වඩා කලින් විවර්ණ වේ.

නිරීක්ෂණය

ඉහළ උෂ්ණත්වයේ ඇති පොටෑසියම් පමැංගනේට් ද්‍රාවණය අඩු කාලයක දී විවර්ණ වන බව පෙනේ.

එකම ද්‍රාවණ, එකම පරිමා, එකම ඇණ. වෙනස් වූයේ උෂ්ණත්වය පමණි, එබැවින් කාල වෙනසට හේතු විය හැක්කේ ද උෂ්ණත්වය පමණි.

නිගමනය

උෂ්ණත්වය වැඩි වෙත් ම ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි වේ.

ශීතකරණය පිළිබඳ නිරීක්ෂණය ද මෙයට ම එකඟ ය — එහි දී උෂ්ණත්වය අඩු කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු කර ගැනීම යි සිදු වන්නේ. ඊළඟ පිටුවේ අප බලන්නේ එය සිදු වන්නේ ඇයි ද යන්න යි.