Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.1. අම්ල 1 වන පිටුව (3)

අම්ලයක් යනු කුමක් ද

එදිනෙදා ජීවිතයේ නොයෙකුත් කටයුතු සඳහා අම්ල, භස්ම හා ලවණ භාවිත වේ. ඒ පිළිබඳ ඔබේ පෙර දැනුම විමසා බැලීමට පහත පැවරුමෙහි නිරත වන්න.

පැවරුම 7.1

එදිනෙදා ජීවිතයේ දී අප බහුල ව භාවිත කරන ද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වේ. ඒවා අම්ල, භස්ම හා ලවණ වශයෙන් වර්ග කර වගුගත කරන්න: දෙහි යුෂ, ජීවනී ද්‍රාවණය, ප්‍රත්‍යාම්ල පෙති, මිල්ක් ඔෆ් මැග්නීසියා, දත් බෙහෙත්, විනාකිරි, ලුණු, හුනු, සබන්, විටමින් C පෙති, සේලයින් දියර

ලැයිස්තුවේ ඇති අම්ල

දෙහි යුෂ, විනාකිරි හා විටමින් C අම්ල යටතේ වර්ග වේ. විද්‍යාගාර පරීක්ෂාවල දී ද ඔබ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl), සල්ෆියුරික් අම්ලය (H2SO4), නයිට්‍රික් අම්ලය (HNO3) භාවිත කර ඇත.

රූපයක් එක් කළ යුතුය

7.1 රූපය — සුලබ ව භාවිත වන අම්ල කිහිපයක්: හයිඩ්‍රොක්ලෝරික්, සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ල බෝතල්.

ඉහත අම්ලවල රසායනික සූත්‍ර සලකා බැලීමේ දී ඒ සියල්ලේ ම සංඝටක මූලද්‍රව්‍යයක් ලෙස හයිඩ්‍රජන් (H) අඩංගු බව පැහැදිලි වේ.

අම්ලය

ජලීය ද්‍රාවණයේ දී හයිඩ්‍රජන් අයන (H+) මුදා හරින රසායනික සංයෝගයක් අම්ලයක් ලෙස හැඳින්වේ.

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ජලීය ද්‍රාවණයේ දී පහත ආකාරයට අයනීකරණය වී H+ අයන මුදා හරී.

HCl (aq) → H+ (aq) + Cl- (aq)