Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.1. අම්ල 2 වන පිටුව (3)

ප්‍රබල අම්ල හා දුබල අම්ල

ජලීය ද්‍රාවණයේ දී H+ අයන මුදා හැරීමේ ප්‍රබලතාව පදනම් කරගෙන අම්ල, ප්‍රබල අම්ල හා දුබල අම්ල ලෙස වර්ග කර ඇත.

ප්‍රබල අම්ල

ජලීය ද්‍රාවණයේ දී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H+ අයන මුදා හරී: අණු සියල්ල ම H+ අයනවලට හා අදාළ ඍණ අයනවලට විඝටනය වේ.

හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක නිදහස් HCl අණු නොපවතින අතර H+ අයන හා Cl- අයන පමණක් ඇත.

දුබල අම්ල

භාගික ව අයනීකරණය වේ: අණුවලින් කොටසක් පමණක් අයන බවට විඝටනය වේ.

අයනීකරණයට ලක් නොවූ අණු ජලීය ද්‍රාවණයේ දී අණු ආකාරයට ම ද්‍රාවණගත වී පවතී.

ප්‍රබල අම්ල

HCl (aq) → H+ (aq) + Cl- (aq)

H2SO4 (aq) → 2H+ (aq) + SO42- (aq)

HNO3 (aq) → H+ (aq) + NO3- (aq)

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCl), සල්ෆියුරික් අම්ලය (H2SO4), නයිට්‍රික් අම්ලය (HNO3).

දුබල අම්ල

  • ඇසිටික් අම්ලය (CH3COOH)
  • කාබොනික් අම්ලය (H2CO3)
  • පොස්පොරික් අම්ලය (H3PO4)