Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.2. භස්ම 2 වන පිටුව (3)

ප්‍රබල භස්ම හා දුබල භස්ම

අම්ල මෙන් ම භස්ම ද ප්‍රබල හෝ දුබල වේ.

ප්‍රබල භස්ම

ජලීය ද්‍රාවණයේ පූර්ණ ලෙස අයනීකරණය වේ.

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH), පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH).

දුබල භස්ම

ජලීය ද්‍රාවණයේ දී භාගික වශයෙන් අයනීකරණය වේ.

ඇමෝනියා ද්‍රාවණය (NH4OH).

NaOH (aq) → Na+ (aq) + OH- (aq)

KOH (aq) → K+ (aq) + OH- (aq)

ක්ෂාරය

භස්ම අතරින් ජලයේ හොඳින් දියවන භස්ම ක්ෂාර ලෙස හැඳින්වේ: සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇමෝනියා ද්‍රාවණය.