Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 7 පරිච්ඡේදය — අම්ල, භස්ම හා ලවණ

7.2. භස්ම 3 වන පිටුව (3)

භස්මවල ගුණ හා භාවිත

භස්මවලට පොදු ගුණ කිහිපයක් ඇත.

  • අතින් ස්පර්ශ කළ විට, සබන් වැනි ලිස්සන ගතියක් දැනේ.
  • අම්ල සමඟ ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි.
  • රතු ලිට්මස්වල වර්ණය නිල් පැහැයට හරවයි — භස්ම හඳුනා ගැනීමට සරල පරීක්ෂාවකි.

2NaOH (aq) + H2SO4 (aq) → Na2SO4 (aq) + 2H2O (l)

විද්‍යාගාර භස්ම ස්පර්ශ නොකරන්න

විද්‍යාගාරයේ ඇති භස්ම ස්පර්ශ කිරීමෙන් වළකින්න.

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්

සබන්, කඩදාසි, කෘත්‍රිම සේද හා සායම් වර්ග නිපදවීමට; ප්‍රබල භස්මයක් ලෙස රසායනාගාර කටයුතුවල දී; පෙට්‍රෝලියම් නිෂ්පාදන පිරිපහදු කිරීමේ දී.

මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්

උදරයේ අම්ල ගතිය සමනය කිරීමට ප්‍රතිඅම්ලයක් (antacid) ලෙස එහි අවලම්බනය (මිල්ක් ඔෆ් මැග්නීසියා); සීනි කර්මාන්තයේ දී උක්පැණි සංශුද්ධ කිරීමට.