Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප ප්‍රමාණය සෙවීම 1 වන පිටුව (3)

Q = mcθ

යම් කිසි ද්‍රව්‍යයක් තාපය උරාගැනීමේ දී හෝ තාපය පිට කිරීමේ දී උෂ්ණත්ව වෙනසක් සිදු වේ. මෙහි දී හුවමාරු වූ තාප ප්‍රමාණය සෙවීම සඳහා පහත සම්බන්ධතාව ගොඩනගා ගත හැකි ය.

ද්‍රව්‍යයේ 1 kg ක උෂ්ණත්වය 1 °C කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය = c

ද්‍රව්‍යයේ m kg ක උෂ්ණත්වය 1 °C කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය = mc

ද්‍රව්‍යයේ m kg ක උෂ්ණත්වය θ °C කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය = mcθ

තාප ප්‍රමාණය

Q = mcθ

  • Q — තාප ප්‍රමාණය (J)
  • m — ස්කන්ධය (kg)
  • c — විශිෂ්ට තාප ධාරිතාව (J kg-1 K-1 හෝ J kg-1 °C-1)
  • θ — උෂ්ණත්ව වෙනස (K හෝ °C)

උෂ්ණත්ව ඒකකයක විශාලත්වය සැලකීමේ දී කෙල්වින් සහ සෙල්සියස් අංශකය එකම අගයක් ගන්නා නිසා උෂ්ණත්ව පරාසයන් සැලකීමේ දී කෙල්වින් අගයන් වෙනුවට සෙල්සියස් අගයන් ද ගත හැකි ය.

නිදසුනක්

තඹ 6 kg ක උෂ්ණත්වය 20 K කින් ඉහළ නැංවීම (c = 400 J kg-1 K-1)

තඹ 1 kg ක උෂ්ණත්වය 1 K කින්: 400 J

තඹ 6 kg ක උෂ්ණත්වය 1 K කින්: 6 × 400 J

තඹ 6 kg ක උෂ්ණත්වය 20 K කින්: 6 × 400 × 20 J

= 48 000 J