Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.3. පදාර්ථයේ අවස්ථා විපර්යාස 1 වන පිටුව (4)

ද්‍රවාංකය, හිමාංකය හා තාපාංකය

ඝන, ද්‍රව සහ වායු ලෙස පදාර්ථයේ අවස්ථා තුනක් තිබෙන බව ඔබ මීට පෙර ඉගෙන ගෙන ඇත. නිදසුනක් වශයෙන් රත් කිරීමේ දී අයිස් දිය වී ජලය බවටත්, ජලය ජල වාෂ්ප බවටත් පත්වීම දැක්විය හැකි ය. මේ ආකාරයට තාපය සැපයීම හෝ ඉවත් කිරීම හෝ නිසා ද්‍රව්‍යයක් එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වේ.

රූපයක් එක් කළ යුතුය

9.11 රූපය — ජලයේ සිදුවන අවස්ථා විපර්යාස: අයිස්, ජලය හා හුමාලය; රත් කිරීම හා සිසිල් කිරීම.

අවස්ථා විපර්යාසය

පදාර්ථය (ඝන, ද්‍රව හෝ වායු වැනි) එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට පත්වීම අවස්ථා විපර්යාසයක් (change of state) ලෙස හැඳින්වේ. වායුවක් ඝනීභවනය වීම, ඝනයක් ද්‍රව බවට පත්වීම (විලයනය), ද්‍රවයක් ඝන බවට පත්වීම (හිමායනය), ද්‍රවයක් නැටීම ආදිය අවස්ථා විපර්යාසවලට උදාහරණ වේ.

ද්‍රවාංකය

යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේ දී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය.

හිමාංකය

යම් ද්‍රවයක් සිසිල් කිරීමේ දී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වෙන උෂ්ණත්වය — ද්‍රවාංකයට සමාන ය.

තාපාංකය

යම් ද්‍රවයක් රත් කිරීමේ දී ද්‍රවය තුළින් බුබුළු දමමින් වාෂ්ප බවට පත්වීම, එනම් නැටීම සිදු වන උෂ්ණත්වය.

ද්‍රවාංක — 9.2 වගුව

ද්‍රව්‍යය ද්‍රවාංකය (°C)
අයිස් 0
පැරෆින් ඉටි 54
නැප්තලීන් 80
සල්ෆර් 114
ඊයම් 330
සින්ක් 410
ඇලුමිනියම් 660
රත්තරන් 1063
යකඩ 1535
ටන්ස්ටන් 5385

තාපාංක — 9.3 වගුව

ද්‍රව්‍යය තාපාංකය (°C)
ඔක්සිජන් −183
එතනෝල් 78
ජලය 100
රසදිය 357
සින්ක් 907
තඹ 2310
යකඩ 2750

ද්‍රව්‍යවල අවස්ථා විපර්යාස සිදු වන උෂ්ණත්ව ඒවා මත ක්‍රියාත්මක වන පීඩනය මත රඳා පවතියි. සාමාන්‍යයෙන් ද්‍රව්‍යවල තාපාංක සහ ද්‍රවාංක දෙනු ලබන්නේ වායුගෝල ඒකක පීඩනය යටතේ ය.