Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

පරිච්ඡේදය එකට ගැළපීම 1 වන පිටුව (3)

පරිච්ඡේදයේ සාරාංශය

මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.

  • විද්‍යුත් උපකරණයක ක්ෂමතාව යනු එමගින් ඒකක කාලයක දී වැය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය වේ.
  • විද්‍යුත් උපකරණයක් හරහා V විභව අන්තරයක් යටතේ I ධාරාවක් ගලන විට ක්ෂමතාව P නම්, P = VI මගින් දෙනු ලබේ.
  • විද්‍යුත් උපකරණයක වැයවන විද්‍යුත් ශක්තිය E, E = VIt මගින් දෙනු ලැබේ.
  • නිවසේ ඇති විදුලි මීටරයෙන් විද්‍යුත් ශක්තිය මැනෙනුයේ කිලෝවොට් පැය (kW h) වලිනි.
  • කිලෝවොට් පැයක් (1 kW h) යනු 1 kW ක්ෂමතාවක් ඇති උපකරණයක් පැයක දී පරිභෝජනය කරන ශක්තියයි. 1 kWh = 3 600 000 J