පරිච්ඡේදයේ සාරාංශය
මුළු පරිච්ඡේදය ම එක් ලැයිස්තුවකින්.
හයිඩ්‍රොකාබන
- කාබන් සහ හයිඩ්‍රජන්වලින් පමණක් සමන්විත කාබනික සංයෝග හයිඩ්‍රොකාබන් යනුවෙන් හඳුන්වනු ලැබේ.
- ඇතැම් හයිඩ්‍රොකාබන් අණුවක කාබන් පරමාණු බැඳී ඇත්තේ තනි සහසංයුජ බන්ධනවලින් පමණක් වේ. එවැනි හයිඩ්‍රොකාබන ඇල්කේන යනුවෙන් හැඳින්වේ.
- බොරතෙල් යනු ඇල්කේන මිශ්‍රණයකි. ඇල්කේන කුලයේ පොදු සූත්‍රය CnH2n+2 වේ.
- ඇල්කේනවලට අමතර ව කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන සහිත හයිඩ්‍රොකාබන ද ස්වභාවයේ පවතී.
- හයිඩ්‍රොකාබන අණුවල හයිඩ්‍රජන් පරමාණු වෙනුවට වෙනත් පරමාණු හෝ පරමාණු කාණ්ඩ සම්බන්ධ වීමෙන් අනෙකුත් කාබනික සංයෝග සෑදී ඇත.
බහුඅවයවක
- සරල අණු විශාල සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදෙන යෝධ අණු බහු අවයවක ලෙස හැඳින්වේ.
- ස්වාභාවික සත්ත්ව කොටස් තුළ හෝ ශාක කොටස් තුළ පවතින බහුඅවයක ස්වාභාවික බහුඅවයවක ලෙස හැඳින් වේ. කෘත්‍රිම වශයෙන් පිළියෙල කරනු ලබන බහුඅවයවක කෘත්‍රිම බහු අවයවක නම් වේ.
- කෘත්‍රිම බහුඅවයවක බොහෝ විට ප්ලාස්ටික් යනුවෙන් හැඳින්වේ.
- සමහර බහුඅවයවකවල හැඩය තාපය මගින් වෙනස් කළ හැකි අතර තව සමහර ඒවායේ හැඩය වෙනස් කළ නොහැකි ය.
- කෘත්‍රිම බහුඅවයක දිරා නොයන බැවින් ඒවායේ වාසි මෙන් ම බොහෝ අවාසි ද ඇත.
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය හරිහැටි සිදු නොකළ හොත් එමගින් බොහෝ පාරිසරික ප්‍රශ්න ඇති විය හැකි ය.
පෙළපොතේ සාරාංශයේ පොදු සූත්‍රය "Cn CnH2n+2" ලෙස මුද්‍රණය වී ඇත; අමතර Cn මුද්‍රණ දෝෂයකි. ත්‍රිත්ව බන්ධන (ඇල්කයින) සාරාංශයේ නම් කර ඇතත් මෙම පරිච්ඡේදයේ අධ්‍යයනය නොකෙරේ.