උත්තල දර්පණවලින් සෑදෙන ප්‍රතිබිම්බ
උත්තල දර්පණයක් ඔබේ මුහුණ ඉදිරියේ කවර දුරකින් තබා බැලුවත් ඔබේ මුහුණට වඩා කුඩා උඩුකුරු අතාත්ත්වික ප්‍රතිබිම්බයක් දැක ගත හැකි වේ.
5.3 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: උත්තල දර්පණයක්, ආධාරකයක්, ඉටිපන්දමක්
- 5.2 ක්‍රියාකාරකමේ දී මෙන් අවතල දර්පණය වෙනුවට උත්තල දර්පණයක් යොදාගෙන පරීක්ෂණය නැවත කිරීමට උත්සාහ කරන්න.
නිරීක්ෂණය
ඉටිපන්දම් දැල්ලේ කිසිම පිහිටීමක් සඳහා තිරය මත ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට ඔබට නොහැකි වනු ඇත. උත්තල දර්පණය තුළින් ඉටිපන්දම දෙස බැලිය යුතු ය. උත්තල දර්පණයක් ඉදිරියේ කවර දුරකින් ඉටිපන්දම් දැල්ල තබා බැලුවත් දර්පණය තුළින් කුඩා, උඩුකුරු, අතාත්ත්වික ප්‍රතිබිම්බයක් ඔබට දැක ගැනීමට හැකි වනු ඇත.
5.23 රූපය ඇසුරින්. ප්‍රතිබිම්බය සැම විට ම දර්පණය පිටුපස, ධ්‍රැවය හා නාභිය අතර පිහිටයි.
සැම විට ම එකම වර්ගයේ ප්‍රතිබිම්බයක්
උත්තල දර්පණයක් ඉදිරියේ වස්තුවක් කවර තැනක තබා ඇතත්, සෑදෙන ප්‍රතිබිම්බ කුඩා ය, උඩුකුරු ය, අතාත්ත්වික ය. වාහනයක පැති දර්පණයට අවශ්‍ය වන්නේ හරියට ම එයයි.