Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.3. සන්ධි ඩයෝඩය හා සෘජුකරණය 1 වන පිටුව (4)

p - n සන්ධි ඩයෝඩය

p - n සන්ධියකින් පමණක් සෑදූ උපාංගය සන්ධි ඩයෝඩයක් ලෙස අපි හඳුන්වමු. පෙර නැඹුරු කළ විට දී පමණක් එය හරහා ධාරාවක් ගලයි.

රූපයක් එක් කළ යුතුය

11.8 රූපය — සන්ධි ඩයෝඩය: (a) p හා n ප්‍රදේශ; (b) සංකේතය; (c) ඇනෝඩය (A) හා කැතෝඩය (K).

ඇනෝඩය හා කැතෝඩය

මෙහි + අග්‍රය ඇනෝඩය (A) ලෙසත් − අග්‍රය කැතෝඩය (K) ලෙසත් හැඳින්වේ. ඇනෝඩය ධන වන ලෙස බාහිර විභව අන්තරයක් සම්බන්ධ කළ විට පමණක් ඩයෝඩය හරහා විදුලිය සන්නයනය කරන අතර එය තුළින් ධාරාව ගලන දිශාව සංකේතයේ ඊ හිසෙන් නිරූපණය වේ.

රූපයක් එක් කළ යුතුය

11.9 රූපය — සන්ධි ඩයෝඩයක සාමාන්‍ය බාහිර ස්වරූපය; සුදු / රිදී පැහැති වළල්ල කැතෝඩය දක්වයි.

විවිධ ගුණ ඇති ඩයෝඩ විශාල සංඛ්‍යාවක් ඇති අතර ඒවා හඳුනා ගැනීමට අංකයක් ඩයෝඩයේ මුද්‍රණය කොට ඇත. නමුත් සෑම සන්ධි ඩයෝඩයක ම බාහිර ස්වරූපය මෙය ම නොවන බව මතක තබා ගත යුතු ය.