ප්‍රත්‍යාවර්තක හා සරල ධාරා
සරල ධාරාවක් යනු පරිපථය තුළ එක් දිශාවකට පමණක් ගලා යන ධාරාවක් වේ. ප්‍රත්‍යාවර්තක ධාරාවක් යනු ආවර්තීයව දිශාව මාරු කරමින් පරිපථයක ගලන ධාරාවකි.
ප්‍රත්‍යාවර්තක ධාරාව
ධන හා ඍණ වාරයෙන් වාරය.
ඩයිනමෝ මගින් ජනනය කරනු ලබන්නේ මෙයයි.
සරල ධාරාව
නියත, එක් දිශාවකට.
ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය වන්නේ මෙයයි.
| t (cycles) | 0.25 | 0.75 | 1.25 | 1.75 |
|---|---|---|---|---|
| V | 1 | -1 | 1 | -1 |
| t (cycles) | 0 | 2 |
|---|---|---|
| V | 0.7 | 0.7 |
11.10 රූපය — ප්‍රත්‍යාවර්තක (ඉහළ) හා සරල (පහළ) විභව අන්තර, කාලය සමඟ.
සෘජුකරණය
ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ විභව අන්තරයක්, එක් දිශාවකට පමණක් ගලන ධාරාවක් හෝ සරල විභව අන්තරයක් බවට හැරවීමේ ක්‍රියාව සෘජුකරණය (wave rectification) ලෙස හඳුන්වනු ලැබේ. එක් දිශාවකට පමණක් ධාරාව ගැලීමට ඉඩ දෙන සන්ධි ඩයෝඩ මේ සඳහා භාවිත කළ හැකි ය.