ශක්තිය: E = Pt = VIt
විදුලි තාපකවල තාපන දඟරයේ (තාපන මූලාවයවයේ) ඇත්තේ ප්‍රතිරෝධකයක් පමණක් නිසා වැය වන ශක්තිය පරිවර්තනය වන්නේ තාපයට පමණි. වෙනත් උපකරණවල දී එහි ඇති ප්‍රතිරෝධය නිසා විද්‍යුත් ශක්තියෙන් කොටසක් තාපයටත් ඉතිරි කොටස වෙනත් ශක්තිවලටත් පරිවර්තනය වේ.
ක්ෂමතාව යනු යම් උපකරණයක ශක්තිය වැය වීමේ ශීඝ්‍රතාවයි. එබැවින් විද්‍යුත් උපකරණයක් භාවිත කරන කාලය අනුව එයින් වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය වෙනස් වේ. ඒකක කාලයක දී වැය වෙන විද්‍යුත් ශක්තිය P වන විට t කාලයක දී වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය Pt වේ.
වැය වන ශක්තිය
E = Pt
P වොට්වලින් (W) ද t තත්පරවලින් (s) ද මනින විට මුළු විද්‍යුත් ශක්තිය E ලැබෙනුයේ ජූල්වලිනි (J).
P = VI හෙයින්, ඉහත සම්බන්ධතාවේ P වෙනුවට VI ආදේශ කළ විට,
මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය = විභව අන්තරය × ධාරාව × කාලය
E = Pt = VIt