Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.2. විද්‍යුත් උපකරණවල දී වැය වෙන විද්‍යුත් ශක්තිය 2 වන පිටුව (2)

නිදසුන්

පෙළපොතේ නිදසුන් දෙකක්.

නිදසුන 1 — මෝටර් රථයක 50 W ප්‍රධාන ලාම්පුව පැය 1½ ක් දල්වා තැබූ විට වැය වෙන විද්‍යුත් ශක්තිය?

E = Pt

E = 50 × 1.5 × 60 × 60 J

E = 270 000 J

නිදසුන 2 — 6 V බයිසිකල් විදුලි බල්බයක් 0.6 A ධාරාවක් ගනිමින් මිනිත්තු 5ක් දැල්වේ. වැය වෙන විද්‍යුත් ශක්තිය?

E = VIt

E = 6 × 0.6 × 5 × 60

E = 1080 J

කාලය තත්පරවලින්

පිළිතුර ජූල්වලින් ලබා ගැනීමට කාලය තත්පරවලින් විය යුතු ය: පැය හා මිනිත්තු මුලින්ම තත්පර බවට හරවන්න.