විද්‍යුත් උපකරණවල ශක්ති පරිවර්තනය
එදිනෙදා ජීවිතයේ නොයෙකුත් කාර්යයන් පහසුවෙන් ඉටු කර ගැනීමට අපි විද්‍යුත් ශක්තිය භාවිත කරමු. මේ සෑම විටදී ම විද්‍යුත් ශක්තිය වෙනත් ශක්තියක් බවට පරිවර්තනය කර එය ප්‍රයෝජනයට යොදා ගනු ලැබේ. මෙම ශක්ති පරිවර්තනය සිදු වන්නේ නොයෙකුත් විද්‍යුත් උපකරණවල ය.
| උපකරණය | ප්‍රධාන ශක්ති ආකාරය |
|---|---|
| ප්‍රතිදීපන පහන | ආලෝකය |
| රූපවාහිනිය | ආලෝකය සහ ශබ්දය |
| ගුවන් විදුලි යන්ත්‍රය | ශබ්දය |
| විදුලි පෝරණුව | තාපය |
| ක්ෂුද්‍ර තරංග උදුන | තාපය |
| ප්‍රේරක උදුන | තාපය |
| විදුලි තාපකය | තාපය |
| මෝටරය | චාලක ශක්තිය |
රූපයක් එක් කළ යුතුය
දෙවන ශක්ති පරිවර්තනය
සමහර විද්‍යුත් උපකරණවල මූලික ශක්ති පරිවර්තනයෙන් පසුව දෙවන ශක්ති පරිවර්තනයක් ද සිදු වේ. උදාහරණයක් ලෙස, සූත්‍රිකා බල්බයේ සූත්‍රිකාවේ දී විද්‍යුත් ශක්තිය තාපයට පරිවර්තනය වී එමගින් සූත්‍රිකාවේ උෂ්ණත්වය වැඩි වී ආලෝකය පිට වේ. ප්‍රතිදීපන පහන්වල දී විද්‍යුත් ශක්තිය පළමු ව පාරජම්බුල කිරණ බවටත් එය දෙවනුව දෘශ්‍ය ආලෝකය බවටත් පරිවර්තනය වේ.