Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.1. විද්‍යුත් උපකරණයක ක්ෂමතාව 2 වන පිටුව (2)

ක්ෂමතාව: P = VI

ක්ෂමතාව

උපකරණයක ක්ෂමතාව යනු එමගින් ඒකක කාලයක දී සිදුකරන කාර්යය යි. එනම්, ඒකක කාලයක දී සිදු වන කාර්යය ප්‍රමාණය හෝ කාල ඒකකයක දී වැය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණයයි.

රූපයක් එක් කළ යුතුය

10.2 රූපය — V වෝල්ටීයතාවකින් ක්‍රියාකරමින් I ධාරාවක් ගන්නා විදුලි උපකරණයක්.

ක්ෂමතාව = විභව අන්තරය × ධාරාව

P = VI

විභව අන්තරය V වෝල්ට්වලින් (V) ද විද්‍යුත් ධාරාව I ඇම්පියරවලින් (A) ද මනිනු ලබන විට ක්ෂමතාව P ලැබෙනුයේ වොට් (W) වලිනි.

නිදසුන 1 — 12 V හරහා සම්බන්ධ කළ සූත්‍රිකා බල්බයක් 2 A ධාරාවක් ගනී. එහි ක්ෂමතාව?

P = VI = 12 × 2 W

P = 24 W

නිදසුන 2 — 230 V සැපයුමෙන් ක්‍රියා කරන 2000 W විදුලි පෝරණුවක්. එය ලබා ගන්නා ධාරාව?

2000 = 230 × I

I = 2000 ÷ 230 ≈ 8.7 A