Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

තාප ධාරිතාව 2 වන පිටුව (2)

විශිෂ්ට තාප ධාරිතාව

එකම ද්‍රව්‍යයක වෙනස් ස්කන්ධවල තාප ධාරිතාව, ස්කන්ධයට සමානුපාතික බව පරීක්ෂණාත්මකව පෙන්විය හැකි ය. එනම්, ස්කන්ධය දෙගුණ කළ විට තාප ධාරිතාව දෙගුණ වේ. දෙන ලද ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක තාප ධාරිතාව ද්‍රව්‍යය මත රඳා පවතින ගුණයකි.

විශිෂ්ට තාප ධාරිතාව

යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව ලෙස හැඳින්වේ. විශිෂ්ට තාප ධාරිතාවේ ඒකක J kg-1 K-1 හෝ J kg-1 °C-1 වේ. එය c සංකේතය මගින් දක්වනු ලැබේ.

තාප ධාරිතාව = ස්කන්ධය × විශිෂ්ට තාප ධාරිතාව

C = mc

9.1 වගුව — ද්‍රව්‍ය කිහිපයක විශිෂ්ට තාප ධාරිතා

ද්‍රව්‍යය c (J kg-1 K-1)
ජලය 4200
මද්‍යසාර 2500
පොල්තෙල් 2200
භූමිතෙල් 2140
අයිස් 2100
රබර් 1700
කොන්ක්‍රීට් 3000
ඇලුමිනියම් 900
ඇස්බැස්ටෝස් 820
යකඩ 460
තඹ 400
සින්ක් 380
රසදිය 140
ඊයම් 130

වගුවේ විශාලතම විශිෂ්ට තාප ධාරිතාව ජලයට ඇත: ජලය රත් කිරීමට විශාල තාපයක් අවශ්‍ය වන අතර සිසිල් වන විට එය විශාල තාපයක් පිට කරයි.