Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

එදිනෙදා ජීවිතයේ තාප විපර්යාස 1 වන පිටුව (2)

අප අවට තාපදායක ප්‍රතික්‍රියා

එදිනෙදා ජීවිතයේ දී විවිධ කටයුතු සඳහා තාපදායක හා තාපාවශෝෂක ප්‍රතික්‍රියා වැදගත් වේ. ඉන්ධන දහනයෙන් අපි ශක්ති අවශ්‍යතා සපුරා ගනිමු.

ඉන්ධන දහනය

කෝල් (ගල් අඟුරු), ජීව වායු (මෙතේන්), පෙට්‍රල් (හයිඩ්‍රොකාබන මිශ්‍රණයක්) දහනයෙන් පිට වන ශක්තිය වාහන ධාවනය, කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම වැනි කටයුතු සඳහා භාවිත වේ.

උදාසීනීකරණය

අම්ල හා භස්ම අතර සිදුවන උදාසීනීකරණ ප්‍රතික්‍රියා ද තාපදායක ය.

ශ්වසනය

ජීවී දේහ තුළ සිදු වන සෛලීය ශ්වසන ක්‍රියාවලිය ද තාපදායක ප්‍රතික්‍රියාවකි.

හුනු දිය ගැසීම

දිය ගැසූ හුනු නිපදවීමේ දී පිළිස්සූ හුනුවලට ජලය එකතු කරනු ලැබේ. මෙම ක්‍රියාවලියේ දී අධික තාපයක් පිට වේ.

CaO (s) + H2O (l) → Ca(OH)2 (s)

හුනු දිය ගැසීම — තාපය පිට වේ