අප අවට තාපාවශෝෂක ප්‍රතික්‍රියා
දැන් තාපය අවශෝෂණය කරන ක්‍රියාවලි කිහිපයක් සලකා බලමු.
ප්‍රභාසංශ්ලේෂණය
හරිත ශාක තුළ සිදුවන ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවේ දී සූර්ය ශක්තිය අවශෝෂණය කරගෙන සරල සීනි නිෂ්පාදනය සිදු වේ. එය තාප අවශෝෂක ක්‍රියාවලියකි.
6CO2 (g) + 6H2O (l) → C6H12O6 (s) + 6O2 (g)
සූර්ය ශක්තිය හා ක්ලෝරෝෆිල් ඇති විට
තාප වියෝජනය
බොහෝ රසායනික සංයෝගවල තාප වියෝජනය ද තාපාවශෝෂක ක්‍රියාවලියකි. හුනුගල් දහනයෙන් පිළිස්සූ හුනු නිපදවීමේ දී තාපය අවශෝෂණය කෙරේ.
CaCO3 (s) → CaO (s) + CO2 (g)
තාපය අවශෝෂණය වේ