Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3. ධ්වනිය හා එහි ප්‍රචාරණය 1 වන පිටුව (4)

ධ්වනිය යනු කුමක් ද

වටපිටාවේ ඇතිවන විවිධ ශබ්දවලට හොඳින් සවන් දීගෙන සිටින විට ඔබට නොයෙකුත් ශබ්ද ශ්‍රවණය වනු ඇත. ශ්‍රවණය නැමැති සංවේදනය ඇති කරනු ලබන ශක්තිය ධ්වනිය නම් වේ.

රූපයක් එක් කළ යුතුය

4.21 රූපය — පෙරදිග සංගීත භාණ්ඩ වාදනය: හාර්මෝනියමයක් සහ තබ්ලා බෙර යුගලක්.

සෑම ශබ්දයක් ම කම්පනයකින් ආරම්භ වේ

ශරීර අවයවයක කම්පනය මගින් ශබ්ද නිකුත් කිරීමේ හැකියාව බොහෝ සතුන්ට ඇත. සතුන්ගේ හඬ පමණක් නොව ඕනෑ ම හඬක් නිපදවන්නේ වස්තුවල ඇති වන කම්පන හේතුකොට ගෙන ය.

හයිලා ගස් මැඩියා

දකුණු ඇමෙරිකාවේ වාසය කරන මෙම මැඩියා බෙල්ලට යටින් ඇති බැලූනයක් වැනි කොටසක් පිම්බීමෙන් හඬ නිපදවයි. එයින් පිටකරන වාතය මුඛයේ ඇති පටල දෙකක් කම්පනය කරන අතර, හඬ වෙනත් මැඩියන්ගේ හඬ මෙන් දස ගුණයක් පමණ දුරට ගමන් කරයි.

මී මැස්සා

පියාඹන මී මැස්සකු ගුමු ගුමු හඬ ඇති කරන්නේ උගේ තටු වේගයෙන් දෙපසට සැලීමෙනි.

පළගැටියා

පළගැටියන් සහ රැහැයියන් සිය පාදවල ඇති කෙඳි අනෙක් පාදයෙන් පිරිමැදීමෙන් කම්පනය කරයි.

ඔබේ කටහඬ

අපේ කට හඬ ඇතිවන්නේ ස්වරාලයේ ඇති ස්වර තන්තු කම්පනය වීමෙනි.

රූපයක් එක් කළ යුතුය

4.22 රූපය — හයිලා ගස් මැඩියා.

අපට එම ශබ්ද ඇසෙන්නේ ශබ්දය වාතය තුළින් තරංග ලෙස අපගේ කන් වෙත පැමිණීම නිසා ය.