වාතයේ සම්පීඩන
වාතය හරහා ධ්වනිය ප්‍රචාරණය වන ආකාරය තේරුම් ගැනීම සඳහා ශබ්ද විකාශයක ප්‍රාචීරය කම්පනය වන විට නිකුත් වන ධ්වනි තරංගය සලකමු.
රූපයක් එක් කළ යුතුය
- කම්පනයක් ඇති වීමට පෙර ප්‍රාචීරය ඉදිරිපස ප්‍රදේශය තුළ පිහිටි වායු අංශු අහඹු ලෙස පිහිටයි.
- ප්‍රාචීරය දකුණු දෙසට චලනය වන විට ඉදිරියේ ඇති වායු අණු ඉදිරියට තල්ලු වී සම්පීඩන ප්‍රදේශයක් හට ගනී. වායු අණු ඉදිරියේ ඇති අණු සමඟ ගැටීමෙන් සම්පීඩන ප්‍රදේශය ඉදිරියට ගමන් කරයි.
- ප්‍රාචීරය වම්පසට ගමන් කරන විට එය ආසන්නයේ විරලන ප්‍රදේශයක් ඇති වේ.
- නැවත ප්‍රාචීරය දකුණට චලනය වන විට තවත් සම්පීඩන ප්‍රදේශයක් ඇති වී එය ද දකුණට ගමන් කරයි.
මෙම ආකාරයට ප්‍රාචීරය මාරුවෙන් මාරුවට වාතයේ සම්පීඩන සහ විරලන ඇති කරන අතර ඒවා එක ම වේගයකින් ඉදිරියට ගමන් කරයි. වාතය හරහා ගමන් කරන ධ්වනි තරංගයක් ලෙස හැඳින්වෙන්නේ මෙම සම්පීඩන සහ විරලන යි. සම්පීඩනයක් ඇති වන ප්‍රදේශයේ අණු සංඛ්‍යාව වැඩි වීම නිසා තාවකාලිකව පීඩනය වැඩි වේ; විරලනයක දී තාවකාලිකව පීඩනය අඩු වේ.
වාතය තිබූ තැන ම රැඳේ
සම්පීඩන සහ විරලන ඉදිරියට ගමන් කරන නමුත්, එක් එක් වායු අණුව සිදු කරන්නේ යම් මධ්‍ය පිහිටීමක් වටා කම්පන පමණි. අණුවල චලිතය තරංගය ගමන් කරන දිශාවට ම සිදු වන නිසා ධ්වනිය අන්වායාම තරංග වේ. වියළි වාතය තුළ කාමර උෂ්ණත්වයේ දී ධ්වනිය තත්පරයට මීටර 330ක් පමණ වේගයෙන් ගමන් කරයි.