Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 4 පරිච්ඡේදය — තරංග සහ ඒවායේ යෙදීම්

4.3. ධ්වනිය හා එහි ප්‍රචාරණය 3 වන පිටුව (4)

ජලය හා ඝන ද්‍රව්‍ය තුළ ධ්වනිය

ධ්වනිය ගමන් කරන්නේ වාතය තුළින් පමණක් නොවේ. වාතයට වඩා වැඩි වේගයෙන් එය ජලය තුළ ද, ඊටත් වඩා වේගයෙන් ඝන ද්‍රව්‍ය තුළ ද ගමන් කරයි.

ජලයේ

තත්පරයට මීටර 1400ක් පමණ. ජලය තුළින් පණිවිඩ යවන ක්‍රම සැදී ඇත්තේ ද එබැවිනි. තල්මසුන් එකිනෙකා අතර සන්නිවේදනය කරනු ලබන්නේ ද ධ්වනි තරංග මගිනි.

වානේ තුළ

තත්පරයට මීටර 5000ක් පමණ. ඈත එන දුම්රියක හඬ රේල් පීලි තුළින් පැහැදිලි ව ශ්‍රවණය කළ හැක්කේ එබැවිනි.

රූපයක් එක් කළ යුතුය

4.24 රූපය — තල්මසුන් ධ්වනි තරංග මගින් සන්නිවේදනය කරයි.

නයා පොළොව හරහා අසයි

නයාට, පොළොවෙහි ඇතිවන කම්පන දැනෙන්නේ උගේ පහළ හනු ඇටය (අපර හනුක අස්ථි) (lower jaw bone) මගිනි. එම කම්පන, අස්ථි හරහා නයාගේ කන වෙත සම්ප්‍රේෂණය කරනු ලැබේ. එමඟින් ගොදුරු කර ගත හැකි සතුන්ගේ පාදවල ශබ්ද නයාට ඇසේ.

රූපයක් එක් කළ යුතුය

4.25 රූපය — පොළොවෙහි කම්පන මගින් නයාට ශබ්දය ශ්‍රවණය වේ.