රික්තයක් තුළ ධ්වනිය නැත
ආලෝකය මෙන් නො ව ධ්වනිය පැතිරී යාමට මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ධ්වනි තරංග යාන්ත්‍රික තරංග වේ. එබැවින් රික්තයක් තුළින් ධ්වනිය ගමන් නො කරයි.
සණ්ටා සරාව පරීක්ෂණය
- සණ්ටා සරාවක් තුළ විදුලි සීනුවක් සවිකර, එහි සම්බන්ධක කම්බි පිටතට ගෙන විදුලි සැපයුමට හා ස්විච්චියකට සම්බන්ධ කර ඇත.
- සණ්ටා සරාවට රික්ත පොම්පයක් සවිකර ඇති අතර, එමගින් සරාව තුළ වාතය ඉවත් කළ හැකි ය.
- විදුලි සීනුව නාද වීමට සලස්වා, ඉන්පසු රික්ත පොම්පය ක්‍රියාත්මක කරයි.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
රික්ත පොම්පය ක්‍රියාත්මක කළ විට සීනුවේ හඬ ඇසීම ක්‍රමයෙන් අඩු වී අන්තිමේ දී හඬ නොඇසී යයි.
හඬ නො ඇසී යන අවස්ථාව සණ්ටා සරාව රික්තයක් වූ අවස්ථාව යි. ධ්වනියට රික්තකයක් තුළින් ගමන් කළ නො හැකි බවත් එහි ගමන සඳහා මාධ්‍යයක් අවශ්‍ය බවත් මෙම පරීක්ෂණයෙන් පැහැදිලි වේ.