Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.3.1. වර්තන නියම 3 වන පිටුව (3)

මාධ්‍යයක වර්තනාංකය

ඉහත වර්තනාංකය මාධ්‍ය දෙක ම මත රඳා පවතියි. පළමු මාධ්‍යය වෙනුවට රික්තයක් භාවිත කළහොත් වර්තනාංකය රඳා පවතින්නේ එක් මාධ්‍යයක් මත පමණකි. මෙය එම මාධ්‍යයේ වර්තනාංකය ලෙස හැඳින්වේ.

උදාහරණයක් ලෙස ජලයේ වර්තනාංකය ලෙස හැඳින්වෙන්නේ රික්තයක සිට ජලයට ආලෝක කිරණයක් ඇතුළු වන අවස්ථාවක දී පතන කෝණයේ සයිනය සහ වර්තන කෝණයේ සයිනය අතර අනුපාතයයි.

රික්තයක දී ආලෝකයේ ප්‍රවේගය සහ වාතයේ දී ආලෝකයේ ප්‍රවේගය අතර වෙනස ඉතා කුඩා නිසාත්, රික්තයකට සාපේක්ෂව වර්තනාංකය පිළිබඳ මිනුම් ලබා ගැනීම ප්‍රායෝගිකව අපහසු නිසාත්, බොහෝ අවස්ථාවල දී යම් මාධ්‍යයක වාතයට සාපේක්ෂ වර්තනාංකය එම මාධ්‍යයේ වර්තනාංකය ලෙස භාවිත කරනු ලැබේ.

වර්තනාංකය වැඩි නම් මාධ්‍යය ඝනතර ය

වීදුරු (1.5) ජලයට (1.33) වඩා ආලෝකය නමයි: වර්තනාංකය වැඩි වන තරමට මාධ්‍යයේ ආලෝකය සෙමින් ගමන් කරන අතර ඇතුළු වන විට වැඩියෙන් නැමේ.