අවධි කෝණය
ඝනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේ දී වර්තන කිරණය අභිලම්බයෙන් ඉවතට නැඹුරු වේ. එය තවත් ඇල කළ විට අලුත් දෙයක් සිදු වේ.
ඝනතර මාධ්‍යයේ පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරන විට වර්තන කිරණය ද වඩ වඩාත් අභිලම්බයෙන් ඉවතට නැඹුරු වේ. පතන කෝණයේ එක්තරා අගයක දී වර්තන කිරණය මාධ්‍ය දෙක වෙන් කරන පෘෂ්ඨය දිගේ ගමන් කරයි. එනම්, වර්තන කෝණයේ අගය 90°ක් බවට පත්වෙයි.
අවධි කෝණය
වර්තන කෝණය 90° වන අවස්ථාවේ දී ඝනතර මාධ්‍යය තුළ පතන කෝණය අවධි කෝණය (critical angle) ලෙස හැඳින්වේ.
මාධ්‍ය කිහිපයක අවධි කෝණ
| ද්‍රව්‍යය | අවධි කෝණය |
|---|---|
| ජලය | 49° |
| වීදුරු | 42° |
| දියමන්ති | 24° |