Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.3.2. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ අවධි කෝණය 2 වන පිටුව (4)

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය

පතන කෝණය තවදුරටත් වැඩි කළහොත්, ආලෝක කිරණය ඝනතර මාධ්‍යය තුළට ම පරාවර්තනය වේ.

අවධි කෝණයට වඩා වැඩි පතන කෝණයකින් ජලයේ ආලෝකය පෘෂ්ඨයට පතිත වී පතන කෝණයට සමාන පරාවර්තන කෝණයකින් නැවත ජලය තුළට පරාවර්තනය වීම.

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය

ඝනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට ආලෝකය ගමන් කිරීමේ දී පතන කෝණය අවධි කෝණයට වඩා වැඩි වූ විට ආලෝක කිරණය ඝනතර මාධ්‍යය තුළට ම පරාවර්තනය වීම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය (total internal reflection) ලෙස හැඳින්වේ.

i < c

කිරණය විරලතර මාධ්‍යයට වර්තනය වී පිට වේ.

i = c

වර්තන කිරණය මායිම දිගේ ගමන් කරයි.

i > c

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය: කිරණය ඝනතර මාධ්‍යය තුළට ම පරාවර්තනය වේ.

කොන්දේසි දෙකක්

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට දෙක ම අවශ්‍ය යි: ආලෝකය ඝනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයක් දෙසට ගමන් කළ යුතු අතර පතන කෝණය අවධි කෝණයට වඩා වැඩි විය යුතු ය.