Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 5 පරිච්ඡේදය — ප්‍රකාශ විද්‍යාව

5.3.2. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සහ අවධි කෝණය 3 වන පිටුව (4)

ප්‍රකාශ කෙඳි

ප්‍රකාශ තන්තු (optical fibres) යනු වීදුරු හෝ ප්ලාස්ටික්වලින් සාදන ලද සුනම්‍ය, පාරදෘශ්‍ය කෙඳි විශේෂයකි.

ප්‍රකාශ තන්තුවක එක් කෙළවරකින් ඇතුළු වන ආලෝකය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් දෙපසට වදිමින් එය දිගේ ගමන් කර අනෙක් කෙළවරින් පිට වීම.

ප්‍රකාශ තන්තුවක් තුළට ඇතුළු වන ආලෝකය දිගට ම ඒ තුළ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙමින් ගමන් කර අනෙක් කෙළවරින් පිට වී යයි. ප්‍රකාශ තන්තුව කිලෝ මීටර ගණනාවක් දිග වුවද ආලෝකය ඇතුළු වූ පරිදි ම දීප්තියෙන් පිට වේ.

එන්ඩස්කෝප්

ශරීර අභ්‍යන්තරයේ අවයව පරීක්ෂා කරන එන්ඩස්කෝප් (endoscope) උපකරණයේ ප්‍රකාශ කෙඳි භාවිත වේ.

දුරකථන හා අන්තර්ජාලය

වර්තමානයේ දුරකථන සන්නිවේදනයට සහ අන්තර්ජාල සම්බන්ධතා සඳහා ප්‍රකාශ තන්තු බහුලව භාවිත වේ.

සැරසිලි

සැරසිලි සඳහා ද ප්‍රකාශ තන්තු භාවිත වේ.

රූපයක් එක් කළ යුතුය

එන්ඩස්කෝප් උපකරණය — ප්‍රකාශ කෙඳි දිගේ ආලෝකය රැගෙන යන, උපනෙතක් සහිත දිගු නම්‍යශීලී නළයක්.