ප්‍රිස්මයකින් ආලෝකය හැරවීම
එක් කෝණයක් 90°ක් වූ ද අනෙකුත් කෝණ 45° බැගින් වූ ද ප්‍රිස්මයක් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයෙන් ආලෝක කිරණයක් 90°කින් හරවයි.
- අභිලම්බය ඔස්සේ ගමන් කරන කිරණය වර්තනයක් සිදු නොවී ප්‍රිස්මය තුළට ඇතුළු වේ.
- එය ඊ ළඟ මුහුණතට 45° පතන කෝණයකින් පතිත වේ.
- වීදුරුවල අවධි කෝණය ආසන්න වශයෙන් 42°කි. 45° ඊට වඩා වැඩි නිසා කිරණය පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජන වේ.
- එය අනෙක් මුහුණතට ලම්බකව ගමන් කර නොනැමී දිගට ම නිර්ගත වේ; 90°කින් හැරී ඇත.
මේවා ප්‍රායෝගික වශයෙන් කැමරාවල, දුරේක්ෂවල හා දෙනෙතිවල භාවිත කෙරේ.