Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 8 පරිච්ඡේදය — රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස

ප්‍රතික්‍රියා තාපය මැනීම 2 වන පිටුව (3)

තාපය ගණනය කිරීම

ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය මිශ්‍රණයේ උෂ්ණත්ව වෙනස ඇසුරෙන් ගණනය කළ හැකි ය.

තාප විපර්යාසය

Q = m c θ

  • m — තාප හුවමාරුව සම්බන්ධ ද්‍රව්‍ය ස්කන්ධය (මිශ්‍රණයේ ස්කන්ධය)
  • c — තාප හුවමාරුව සම්බන්ධ ද්‍රව්‍යයේ විශිෂ්ට තාප ධාරිතාව (මිශ්‍රණයේ වි. තා. ධා.)
  • θ — මිශ්‍රණයේ සිදු වූ උෂ්ණත්ව වෙනස (උපරිම උෂ්ණත්වය - ආරම්භක උෂ්ණත්වය)

ආරම්භයේ දී භස්ම හා අම්ල ද්‍රාවණ දෙකේ උෂ්ණත්ව අසමාන නම් ආරම්භක උෂ්ණත්වය ලෙස ඒවායේ මධ්‍යයනය අගය ගත යුතු ය.

උපකල්පන

  • ප්‍රතික්‍රියාවේ මුළු තාප ප්‍රමාණය ම ද්‍රාවණ 100 cm3 හි උෂ්ණත්වය ඉහළ නැංවීමට යෙදී ඇත.
  • ද්‍රාවණ තනුක බැවින් මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාව හා ඝනත්වය ජලයේ අගයන්ට සමාන ය.

උදාහරණයක්: උෂ්ණත්වය 10 °C කින් ඉහළ යයි

ජලයේ විශිෂ්ට තාප ධාරිතාව = 4200 J kg-1 °C-1

ජලයේ ඝනත්වය = 1 g cm-3; එමනිසා ජලය 100 cm3ක ස්කන්ධය = 100 g = 0.1 kg

Q = m c θ

Q = 0.1 kg × 4200 J kg-1 °C-1 × 10 °C

Q = 4200 J

මෙහි දී ලැබෙනුයේ 2 mol dm-3 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 50 cm3ක් 2 mol dm-3 හයිඩ්‍රොක්ලෝරික් අම්ලය 50 cm3ක් සමඟ ප්‍රතික්‍රියා කළ විට සිදු වන තාප විපර්යාසය යි.