මවුලයකට තාපය
ලැබුණු 4200 J අයත් වන්නේ ප්‍රතික්‍රියා කළ ප්‍රමාණවලට ය. එය මවුල ප්‍රමාණයෙන් බෙදීමෙන් එක් මවුලයකට තාපය ලැබේ.
ප්‍රතික්‍රියා තාපය
2 mol dm-3 NaOH 50 cm3ක ඇති NaOH මවුල ප්‍රමාණය = 2/1000 × 50 = 0.1 mol
2 mol dm-3 HCl 50 cm3ක ඇති HCl මවුල ප්‍රමාණය = 2/1000 × 50 = 0.1 mol
NaOH 0.1 molක්, HCl 0.1 molක් සමඟ ප්‍රතික්‍රියා කරන විට පිට වන තාප ප්‍රමාණය = 4.2 kJ
NaOH 1 molක්, HCl 1 molක් සමඟ ප්‍රතික්‍රියා කරන විට පිට වන තාප ප්‍රමාණය = 4.2 kJ ÷ 0.1 mol
= 42.0 kJ mol-1
මෙය NaOH හා HCl අතර ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා තාපයයි. (මෙය පරීක්ෂණාත්මක අගයකි)
භෞතික තත්ත්ව දක්වන්න
ඉහත පරීක්ෂණයේ දී ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත විය. ඝන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH(s)) භාවිතයෙන් ද පරීක්ෂණය කළ හැකි නමුත් මෙහි දී සිදු වන තාප විපර්යාසය ඊට පෙර ලැබුණු අගයට වඩා වෙනස් වේ. මේ අනුව එක ම රසායනික ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය, ප්‍රතික්‍රියක හා ඵල පවතින භෞතික තත්ත්ව (ඝන, ද්‍රව, වායු, ජලීය) අනුව වෙනස් වේ. එබැවින් ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත ව සිදු වන තාප විපර්යාස ප්‍රකාශ කිරීමේ දී ප්‍රතික්‍රියකවල හා ඵලවල භෞතික තත්ත්ව දැක්විය යුතු ය.