කිලෝවොට් පැය
නිවසේ ඇති විදුලි මීටරයෙන් විද්‍යුත් ශක්තිය මැනෙනුයේ කිලෝවොට් පැයවලිනි.
කිලෝවොට් පැය
කිලෝවොට් පැයක් යනු 1 kW ක්ෂමතාවක් ඇති උපකරණයක් පැයක දී පරිභෝජනය කරන ශක්ති යි. සාමාන්‍යයෙන් ශක්තිය ජූල්වලින් මනින නමුදු පරිභෝජනය විශාල වූ විට මෙය විශාල සංඛ්‍යාවක් වෙයි. මේ නිසා විදුලිය මැනීමේ ඒකකය ලෙස කිලෝවොට් පැය (kW h) භාවිත කරනු ලැබේ.
1 kWh = 1 kW × 1 h
= 1000 W × 1 × 60 × 60 s
විදුලි ඒකකයක්
1 kWh = 3 600 000 J = 3.6 × 106 J
වොට් එකක ක්ෂමතාවක් ඇති උපකරණයක් තත්පරයක දී පරිභෝජනය කරන ශක්තිය වොට් තත්පරයක් හෙවත් ජූල් (J) එකක් වේ.