Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 10 පරිච්ඡේදය — විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය

10.5. කිලෝවොට් පැයවලින් විද්‍යුත් ශක්තිය මැනීම 2 වන පිටුව (2)

වැය වන ඒකක ගණනය

නිවසේ භාවිත වන විදුලි උපකරණවල ක්ෂමතාව සහ භාවිත කරන කාලය දන්නා විට එයට වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය පහසුවෙන් ගණනය කළ හැකි ය.

වැය වන kWh ගණන

kWh = (watts ÷ 1000) × hours

නිදසුන — 100 W විදුලි පහන් 4ක් දිනකට පැය 3 බැගින් ද 60 W බල්බ 5ක් දිනකට පැය 4 බැගින් ද දල්වන්නේ නම් මසකට පරිභෝජනය කරන විද්‍යුත් ඒකක ගණන?

100 W පහන් 4: 100 × 4 × 3 = දිනකට 1200 Wh

60 W පහන් 5: 60 × 5 × 4 = දිනකට 1200 Wh

මසකට: (1200 + 1200) × 30 = 72 000 Wh

= 72 kWh

මේ අනුව මසකට විදුලි ඒකක හෙවත් කිලෝවොට් පැය 72ක ශක්තියක් පරිභෝජනය කෙරේ.