Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 11 පරිච්ඡේදය — ඉලෙක්ට්‍රොනික විද්‍යාව

11.2. p - n සන්ධිය 2 වන පිටුව (2)

පෙර හා පසු නැඹුරුව

p - n සන්ධියක් හරහා බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් විභව අන්තරයක් ඇති කිරීම නැඹුරු කිරීම ලෙස හඳුන්වනු ලැබේ. සන්ධිය හරහා ඇති කරන විභව අන්තරයේ දිශාව අනුව සන්ධිය දෙයාකාරයකට හැසිරේ.

11.1 ක්‍රියාකාරකම

අවශ්‍ය ද්‍රව්‍ය: 1N 4001 ඩයෝඩයක්, 2.5 V විදුලි පන්දම් බල්බයක්, 1.5 V වියළි කෝෂ දෙකක්, ස්විච්චයක් සහ සම්බන්ධක කම්බි

  1. රූපයේ පෙන්වා ඇති ආකාරයට පරිපථ පුවරුවේ ඩයෝඩය 1 රූපයේ දැක්වෙන ලෙස සම්බන්ධ කරන්න. ස්විච්චය සංවෘත (ON) කොට බල්බය නිරීක්ෂණය කරන්න.
  2. දෙවනුව බැටරිය පමණක් විසන්ධි කොට ඩයෝඩය අග්‍ර මාරු වන ලෙස 2 රූපයේ ආකාරයට බැටරිය ප්‍රතිවිරුද්ධ ලෙස නැවත සවි කර ස්විච්චය සංවෘත කර බල්බය නිරීක්ෂණය කරන්න.

රූපයක් එක් කළ යුතුය

11.1 ක්‍රියාකාරකම — (1) පෙර නැඹුරුව: බල්බය දැල්වේ; (2) පසු නැඹුරුව: බල්බය නොදැල්වේ.

නිරීක්ෂණය

බල්බය දැල්වෙන්නේ 1 රූපයේ ලෙස ඩයෝඩය සම්බන්ධ කළ අවස්ථාවේ දී පමණක් බව ඔබට නිරීක්ෂණය කළ හැකි ය. මේ අනුව පරිපථයක එක් දිශාවකට පමණක් ධාරාවක් ගැලීමට ඉඩ දිය යුතු අවස්ථාවක සන්ධි ඩයෝඩයක් භාවිත කොට එම අවශ්‍යතාව ඉටු කර ගත හැකි ය.

පෙර නැඹුරුව

p ප්‍රදේශයට ධන විභවයක් සහ n ප්‍රදේශයට ඍණ විභවයක්.

කුහර හා ඉලෙක්ට්‍රෝන සන්ධිය දෙසට තල්ලු වේ; හායිත පෙදෙස කුඩා වෙයි.

විභව බාධකයට (Si සඳහා 0.7 V) වඩා අඩු නම් නොගිණිය හැකි තරම් ධාරාවක් ද, වැඩි නම් සැලකිය යුතු ධාරාවක් ද ගලයි.

පසු නැඹුරුව

p ප්‍රදේශයට ඍණ විභවයක් සහ n ප්‍රදේශයට ධන විභවයක්.

ඉලෙක්ට්‍රෝන ධන විභවය දෙසටත් කුහර ඍණ විභවය දෙසටත් ආකර්ෂණය වී හායිත පෙදෙස තවත් පුළුල් වේ.

ධාරාවක් නොගලයි.

රූපයක් එක් කළ යුතුය

11.6 හා 11.7 රූප — පසු නැඹුරුවේ දී පුළුල් වූ හායිත පෙදෙස සහ පෙර නැඹුරුවේ දී කුඩා වූ හායිත පෙදෙස.