සංඥා වර්ධකය
ට්‍රාන්සිස්ටරය සරල ධාරා වර්ධකයක් වශයෙන් පමණක් නොව සංඥා වර්ධකයක් (ප්‍රත්‍යාවර්ත ධාරා වර්ධකයක්) ලෙස ද බහුල ව භාවිත වේ. ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥාවක් වර්ධනය කර ගැනීමට ට්‍රාන්සිස්ටරය භාවිත කළ හැකි ආකාරය ආදර්ශනය කිරීමට 11.4 ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
11.4 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: 2SD400 ට්‍රාන්සිස්ටරයක්, 22 kΩ කාබන් ප්‍රතිරෝධකයක්, 8 Ω ස්පීකරයක්, 0.1 µF ධාරිත්‍රකයක්, 3 V බැටරි කවරයක්, 1.5 V වියළි කෝෂ දෙකක්, පරිපථ පුවරුවක් හා සම්බන්ධක කම්බි සහ ශ්‍රව්‍ය සංඛ්‍යාත ජනකයක්
- පරිපථයේ දැක්වෙන ආකාරයට පරිපථ පුවරුවේ පරිපථය ගොඩ නගන්න.
- පළමු ව ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥා ජනකය ස්පීකරයට තනිව සම්බන්ධ කොට යන්තමින් ශබ්දය ඇසෙන තරමට සංඥා ජනකයේ ප්‍රතිදානය සකස් කරගන්න.
- A හා B අග්‍ර අතරට සම්බන්ධ කළ ශ්‍රව්‍ය සංඛ්‍යාත සංඥා ජනකයෙන් කුඩා සංඥාවක් ලබා දෙන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
සංඥා ජනකයෙන් ලැබුණු ශබ්දය වර්ධනය වී ස්පීකරයෙන් ඇසීමට ලැබේ. 0.1 µF ධාරිත්‍රකය යොදවා ඇත්තේ පාදමට ප්‍රත්‍යාවර්තක සංඥාව පමණක් ලබාදීම සඳහා ය. පාදමට අවශ්‍ය නැඹුරු වෝල්ටීයතාව 0.7 V ලබා දෙනුයේ 22 kΩ ප්‍රතිරෝධකය හරහා ය.
සංගෘහිත පරිපථයකින් සංගීතමය සංඥාවක්
UM66 සංගෘහිත පරිපථයක්, 220 Ω කාබන් ප්‍රතිරෝධකයක් හා 3 V බැටරියක් භාවිත කොට පහසුවෙන් සංගීතමය ශ්‍රව්‍ය සංඛ්‍යාත තරංගයක් නිපදවා ගත හැකි පරිපථයක් සෑදිය හැකි ය (1 - සංඥාව, 2 - විභව සැපයුම් ධන අග්‍රය, 3 - විභව සැපයුම් ඍණ අග්‍රය). මෙහි X සහ Y අග්‍ර, වර්ධක පරිපථයේ A සහ B අග්‍රවලට සම්බන්ධ කිරීමෙන් සංඥාව වර්ධකයට ලබා දිය හැකි ය.