ට්‍රාන්සිස්ටරය ස්විච්චයක් ලෙස
යාන්ත්‍රික ස්විච්චයක් වෙනුවට යම් සංවේදනයකට අනුව ක්‍රියා කරන ඉලෙක්ට්‍රොනික ස්විච්චයක් ලෙස ට්‍රාන්සිස්ටරය ක්‍රියා කරවිය හැකි ය. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ සංඛ්‍යාංක පරිපථ ගොඩනැගීමේ දී ට්‍රාන්සිස්ටරය බොහෝ විට භාවිත වන්නේ ස්විච්චයක් ලෙස ය.
11.5 ක්‍රියාකාරකම
අවශ්‍ය ද්‍රව්‍ය: 2SD313 ට්‍රාන්සිස්ටරයක්, බහු මීටරයක්, 2.5 V බල්බයක්, 3 V බැටරි කවරයක්, 1.5 V වියළි කෝෂ දෙකක්, 10 kΩ පරිමා පාලකයක් (VR), 10 kΩ ප්‍රතිරෝධකයක්, පරිපථ පුවරුවක්, සම්බන්ධක කම්බි සහ ස්විච්චයක් (S)
- පරිපථය ගොඩ නගන්න. පරිමා පාලකයේ ප්‍රතිරෝධය අඩුම අවස්ථාවේ පවතින සේ එය සම්පූර්ණයෙන් ම දක්ෂිණාවර්තව කරකවන්න. S ස්විච්චය විවෘතව (off) තබා පරිපථයට බැටරි සම්බන්ධ කරන්න.
- බහුමීටරයේ ස්විච්චය 2.5V (DC) වලට යොමුකොට ට්‍රාන්සිස්ටරයේ පාදම හා විමෝචකය අතරට සමාන්තරගතව සම්බන්ධ කරන්න (එහි ධන ඒෂණය පාදමට සම්බන්ධ විය යුතු ය).
- දැන් S ස්විච්චය සංවෘත (on) කරන්න. ප්‍රතිරෝධය ක්‍රමයෙන් වැඩි වන සේ පරිමා පාලකය සෙමින් වාමාවර්තව වෝල්ට්මීටර පාඨාංකයත් බල්බයත් නිරීක්ෂණය කරමින් කරකවන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
වෝල්ට්මීටර පාඨාංකය 0.7 Vට ආසන්න වන විට බල්බය දැල්වීම ආරම්භ වන බවත් එහි අගය 0.8 V පමණ වන විට බල්බය වැඩිම දීප්තියෙන් දැල්වෙන බවත් නිරීක්ෂණය කරන්න.
B - E අතර 0.7 V ට අඩු
සංග්‍රාහක ධාරාව IC නොගලයි.
ට්‍රාන්සිස්ටරය විවෘත ස්විච්චයක් (off) ලෙස ක්‍රියා කරයි.
0.7 V ට වැඩි (0.8 V පමණ)
උපරිම සංග්‍රාහක ධාරාවක් ගලා යයි.
එය සංවෘත (on) ස්විච්චයක් ලෙස ක්‍රියා කරයි.