Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 9 පරිච්ඡේදය — තාපය

9.4. තාපජ ප්‍රසාරණය 1 වන පිටුව (5)

තාපජ ප්‍රසාරණය යනු කුමක් ද

වීදුරු දෙකක් සෝදා එකක් තුළට අනෙක දමා පසු දිනෙක නැවත භාවිතයට ගැනීමට යාමේ දී එක් වීදුරුවක් තුළ අනෙක් වීදුරුව (A තුළ B) සිරවී තිබුණු අවස්ථා ඔබට හමු වී ඇත. එවැනි අවස්ථාවක දී ඇතුළත වීදුරුවට සිසිල් ජලය එක්කර පිටතින් තිබෙන වීදුරුව උණුසුම් ජලය බඳුනක ගිල්වීමෙන් වීදුරු දෙක පහසුවෙන් ගලවා ගත හැකිවෙයි.

රූපයක් එක් කළ යුතුය

9.16 රූපය — A වීදුරුව තුළ සිරවූ B වීදුරුව.

වීදුරු දෙක මෙසේ වෙන්කර ගත හැකි වන්නේ උණුසුම් ජලය දැමූ වීදුරුව මඳක් විශාල වීමත් සිසිල් ජලය දැමීම නිසා ඇතුළත වීදුරුව මඳක් කුඩා වීමත් නිසාය.

තාපජ ප්‍රසාරණය

උෂ්ණත්වය වැඩි වීමේ දී ද්‍රව්‍යයක විශාලත්වයේ — දිගෙහි, වර්ගඵලයේ හෝ පරිමාවේ — සිදු වන වැඩි වීම.

සංකෝචනය

යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය අඩු වන විට එහි දිගෙහි, වර්ගඵලයේ හෝ පරිමාවේ සිදුවන අඩුවීම.