ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය
ඝන ප්‍රසාරණය ආදර්ශනය කිරීම සඳහා 9.3 ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
9.3 ක්‍රියාකාරකම — බෝලය හා මුදුව
අවශ්‍ය ද්‍රව්‍ය: යකඩ බෝලයක්, එය යන්තමින් ඇතුළු කළ හැකි මුදුවක්, ආධාරකයක්, දාහකයක්
- බෝලය මුදුව තුළින් යවන්න.
- බෝලය රත්කර මුදුව තුළින් යැවීමට හැකි දැයි නිරීක්ෂණය කරන්න.
- නැවත සිසිල් වූ පසු මුදුව තුළින් යකඩ බෝලය යැවීමට හැකි දැයි නිරීක්ෂණය කරන්න.
රූපයක් එක් කළ යුතුය
නිරීක්ෂණය
මෙම ක්‍රියාකාරකමෙන් පැහැදිලි වන්නේ රත් වූ විට ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වන බවත් සිසිල් වූ විට සංකෝචනය වන බවත් ය.