දෘශ්‍ය ආලෝකය
දෘශ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපගේ ඇස සංවේදී වන පරාසය යි. එය සම්පූර්ණ වර්ණාවලියෙන් ඉතා කුඩා කොටසක් පමණකි.
දෘශ්‍ය ආලෝකයේ සංඛ්‍යාත පරාසය 4.28 × 1014 Hz සිට 7.69 × 1014 Hz දක්වා වන අතර එයට අනුරූප තරංග ආයාම පරාසය 690 nm සිට 400 nm දක්වා ය.
දම් සිට රතු දක්වා
මෙම පරාසයේ අඩු ම තරංග ආයාමය (වැඩි ම සංඛ්‍යාතය) සහිත ප්‍රදේශය අපට දම් පැහැයෙන් දිස් වේ. තරංග ආයාමය ක්‍රමයෙන් වැඩි වන විට, එනම් සංඛ්‍යාතය ක්‍රමයෙන් අඩු වන විට ඉන්ඩිගෝ, නිල් ආදි වශයෙන් රතු දක්වා ක්‍රමයෙන් පැහැය වෙනස් වේ. දේදුන්නේ වර්ණ හතක් ලෙස අප හඳුනා ගන්නේ මෙම වර්ණ යි.
දම්
→
ඉන්ඩිගෝ
→
නිල්
→
කොළ
→
කහ
→
තැඹිලි
→
රතු
කෙටි ම තරංග ආයාමය වන දම් (400 nm) සිට දිගු ම වන රතු (690 nm) දක්වා.