Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 1 පරිච්ඡේදය — ජීවයේ රසායනික පදනම

1.0 හැඳින්වීම 3 වන පිටුව (5)

මානව දේහය ස්කන්ධය අනුව මුලද්‍රව්‍යවලට බෙදීම

කිලෝග්‍රෑම් 50ක් බර මිනිසෙකුගේ සිරුර මූලද්‍රව්‍ය අනුව වෙන් කළ හැකි නම්, එක් එක් මූලද්‍රව්‍යයෙන් කොපමණ ලැබේ ද? ස්කන්ධය අනුව ප්‍රධාන මූලද්‍රව්‍යවල ප්‍රතිශත පහත වගුවෙන් බලමු.

මූලද්‍රව්‍යය ප්‍රතිශතය සමානුපාතය
ඔක්සිජන් (O) 65%
කාබන් (C) 18%
හයිඩ්‍රජන් (H) 10%
නයිට්‍රජන් (N) 3%
වෙනත් 4%

ඔක්සිජන්, කාබන් සහ හයිඩ්‍රජන් එකතු කළ විට ම සිරුරේ ස්කන්ධයෙන් 93%ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 50ක සිරුරක කිලෝග්‍රෑම් 46කට ආසන්න ප්‍රමාණයක් මේ මූලද්‍රව්‍ය තුනෙනි. මෙසේ වීමට හේතුව සිරුරේ වැඩි ම කොටස වන ජලයත් (H2O), ජෛව අණුත් ප්‍රධාන වශයෙන් ම මේ මුලද්‍රව්‍ය තුනෙන් තැනී තිබීමයි. පහත රූපයෙන් එම බෙදීම පැහැදිලි ව පෙනේ.

ස්කන්ධය අනුව මානව දේහයේ ප්‍රධාන මූලද්‍රව්‍ය බෙදී ඇති ආකාරය

අමතර දැනුමට

මේ මූලද්‍රව්‍ය සිරුරේ කුමන කොටස්වල වැඩිපුර හමු වේ ද? පහත වගුව බලන්න.

මූලද්‍රව්‍යය ස්කන්ධය අනුව % සිරුරේ හමු වන තැන්
O 65 සියලු දේහ තරල, පටක, අස්ථි සහ ප්‍රෝටීන
C 18 සිරුරේ හැම කොටසක ම
H 10 සියලු දේහ තරල, පටක, අස්ථි සහ ප්‍රෝටීන
N 3 සියලු දේහ තරල, පටක සහ ප්‍රෝටීන
Ca 1.5 අස්ථි, පේශි, මොළය, පෙනහළු, වකුගඩු, අක්මාව, හෘදය, තයිරොයිඩ් ග්‍රන්ථිය
P 1.0 අස්ථි සහ මුත්‍රා
K 0.35 එන්සයිම තුළ
S 0.25 ප්‍රෝටීන තුළ
Na 0.15 සියලු දේහ තරල සහ පටක
Mg 0.05 පේශි, මොළය, පෙනහළු, වකුගඩු, අක්මාව, හෘදය, තයිරොයිඩ් ග්‍රන්ථිය
Cl · Fe · I අංශුමාත්‍ර අවශ්‍ය වන්නේ ඉතා ස්වල්පයක් වුව ද, නැති ව ම බැරි ය