Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්

15.5. ඉපිලීම සහ උඩුකුරු තෙරපුම 3 වන පිටුව (6)

උඩුකුරු තෙරපුම ඇති බව පෙන්වීම

උඩුකුරු තෙරපුම ඇති බව දුනු තරාදියක පාඨාංකයෙන් ම පෙන්විය හැකි ය. ඒ සඳහා පියවර හතරක් අවශ්‍ය වේ.

ක්‍රියාකාරකම 15.3

  • (a) ලෝහ කැබැල්ලක් දුනු තරාදියකින් එල්ලා එහි බර මැන ගන්න.
  • (b) දැන් ලෝහ කැබැල්ල මත අතින් පහළට බලයක් යොදා පාඨාංකය කියවන්න.
  • (c) ඉන් පසු ලෝහ කුට්ටිය මත පහළින් ඉහළට බලයක් යොදා පාඨාංකය බලාගන්න.
  • (d) අවසානයේ වස්තුව ජලයේ ගිල්වා පාඨාංකය කියවන්න.

රූපයක් එක් කළ යුතුය

15.16 රූපය — උඩුකුරු තෙරපුම් බලය ආදර්ශනය කිරීම; (a) දුනු තරාදියේ එල්ලූ ලෝහ කැබැල්ල, (b) පහළට බලයක් යෙදූ විට, (c) ඉහළට බලයක් යෙදූ විට, (d) ජලයේ ගිල්වූ විට.

නිරීක්ෂණ

(b) පහළට බලයක් යෙදූ නිසා පාඨාංකය වැඩි විය.

(c) ඉහළට බලයක් යෙදූ නිසා පාඨාංකය අඩු විය.

(d) ජලයේ ගිල්වූ විට ද පාඨාංකය අඩු විය.

(c) සහ (d) එකට තබන්න

(b) සහ (c) අවස්ථා දෙකෙන් අප ඉගෙන ගත්තේ මෙය යි: වස්තුව මත පහළට බලයක් ක්‍රියා කළේ නම් පාඨාංකය වැඩි වන අතර, ඉහළට බලයක් ක්‍රියා කළ විට පාඨාංකය අඩු වේ.

(d) අවස්ථාවේ දී ද පාඨාංකය අඩු විය. එබැවින් එහි දී ද වස්තුව මත ඉහළට බලයක් ක්‍රියා කර තිබිය යුතු ය — සහ එය යෙදිය හැක්කේ ජලයට පමණි.

තහවුරු වූ දේ

වස්තුවක් ද්‍රවයක් (තරලයක්) තුළ ගිල් වූ විට, එම ද්‍රවය මගින් වස්තුව මත උඩුකුරු බලයක් ඇති කරයි.