Siyapath
ලියාපදිංචි වන්න

පාඩම: 15 පරිච්ඡේදය — ජෛවගෝලය

15.4. ජීවන රටාව වෙනස් වීම හා එමගින් ඇති වන ගැටලු 6 වන පිටුව (6)

පෙනහලි රෝග, ගැස්ට්‍රයිටිස් හා ඇසේ සුද

තවත් සමහර බෝ නොවන රෝග දූෂිත වාතය, ආතතිය හා තුනී වන ඕසෝන් ස්තරය සමඟ සමීපව සම්බන්ධ ය.

පෙනහැලි රෝග

ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා, ගර්ත, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ස්නායු හෝ පේශි යනාදී වායු හුවමාරුව සිදුකරන අවයව හෝ පටකවලට බලපෑම් කරන ව්‍යාධි තත්ත්වයක් ඇති වීම නිසා පෙනහැලි රෝග ඇති වේ. කර්මාන්ත හා රථවාහනවලින් පිට කරන අහිතකර වායු වර්ග ද මෙයට හේතු වේ.

හතිය

ශ්වසන පද්ධතිය ආශ්‍රිත ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශ්වාසනාලිකා, ගර්ත යනාදි ව්‍යුහවල ඇතිවන ආසාත්මික තත්ත්ව නිසා අධික ලෙස ශ්ලේෂ්මල එකතුවීමෙන් වායු හුවමාරුවට බාධා ඇති වීම මෙහි දී සිදු වේ. අහිතකර වායු හා අංශුමය අපද්‍රව්‍ය මෙම තත්ත්වයට හේතු වේ.

ගැස්ට්‍රයිටිස්

අම්ලගතිය අධික වීම නිසා ආමාශයික ආස්තරය ඉදිමීම හා දැවිල්ල ඇතිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි. කාර්ය බහුලතාව හේතුවෙන් නිසි වේලාවට ආහාර නොගැනීම, අධික අම්ල හා තෙල් සහිත ආහාර නිතර ගැනීම තරගකාරී තත්ත්වයක් යටතේ ජීවත් වීමෙන් ඇතිවන මානසික පීඩනය ආදිය මෙයට හේතු වේ.

ඇසේ සුද

අක්ෂි කාචයේ ප්‍රෝටීන්වල ස්වභාවය වෙනස් වීම හේතුවෙන් කාචයේ පාරදෘශ්‍යභාවය නැති වී යාම ඇසේ සුද ඇති වීම ලෙස හැඳින්වේ. මෙහි දී ඇසට ආලෝකය ඇතුළු වීම නැතිවී ඇස් පෙනීම දුර්වල වීම සිදුවේ. කර්මාන්තවලින් අහිතකර වායු විමෝචනය වීමෙන් ඕසෝන් වියන ක්ෂය වී පාරජම්බුල කිරණ පෘථිවියට පැමිණේ. එම කිරණවලට නිරාවරණය වීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකි ය.

පරිසරය හා සෞඛ්‍යය එක් මාතෘකාවක් වන්නේ ඇයි

මෙම රෝග ආපසු හැරී බලන්න; 6 වන කුසලතාවේ දූෂක නැවත හමු වේ: ශ්වසන මාර්ග කුපිත කරන අංශු හා SO2, ඇසේ කාචය බොඳ කරන CFC මගින් ඇතුළු කළ පාරජම්බුල කිරණ, වකුගඩුවල බැර ලෝහ හා කෘෂි රසායන. පරිසරය ආරක්ෂා කිරීම සෞඛ්‍යය ආරක්ෂා කිරීම ද වේ. පරිච්ඡේදයේ අවසාන කොටස මෙම හානිය සිදු නොකර මිනිසුන්ට ජීවත් වී සංවර්ධනය විය හැකි ආකාරය වෙත හැරේ.

වාතය, ආතතිය හා පාරජම්බුල

දූෂිත වාතය පෙනහැලි රෝග හා හතිය ඇති කරයි; ආතතිය හා දුර්වල ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් ඇති කරයි; තුනී ඕසෝන් ස්තරයක් හරහා පාරජම්බුල කිරණ ඇසේ සුද ඇති කරයි.