අධි හා අවරුධිර පීඩනය
රුධිර පීඩනය දිගු කලක් අධික හෝ අඩු වීම දේහයට හානිකර ය.
අධි රුධිර පීඩනය
පීඩනය සාමාන්‍ය අගයට වඩා ඉහළින් පවතී.
හේතු: පටු වූ ධමනි, අධික ලුණු, තරබාරුකම, මානසික ආතතිය, දුම්පානය, මද්‍යසාර.
එය අංශභාගය, හෘදයාබාධ හා වෘක්ක අකර්මණ්‍ය වීමට හේතු විය හැකි ය.
අව රුධිර පීඩනය
පීඩනය සාමාන්‍ය අගයට වඩා පහළින් පවතී.
හේතු: අධික රුධිර වහනය, විජලනය, මන්දපෝෂණය.
මොළයට ප්‍රමාණවත් රුධිරය නොලැබේ: ක්ලාන්තය හා සිහිසුන් වීම.