ත්‍රොම්බෝසිය
රුධිර නාලයක් තුළ රුධිර කැටියක් සෑදී රුධිර ප්‍රවාහය අවහිර කිරීම ත්‍රොම්බෝසිය යි.
කැටියක් හානි කරන ස්ථාන
කිරීටක ධමනියක කැටියක් හෘදයාබාධයකට ද, මොළයේ ධමනියක කැටියක් අංශභාගයකට ද හේතු වේ.
හෘදය හා රුධිර නාල නිරෝගීව තබා ගැනීම
- නිතිපතා ව්‍යායාම කරන්න.
- සංතෘප්ත මේද, ලුණු හා සීනි අඩුවෙන් ද එළවළු හා පළතුරු වැඩියෙන් ද ආහාරයට ගන්න.
- නිරෝගී දේහ බරක් පවත්වා ගන්න.
- දුම්පානය හා මද්‍යසාර භාවිතයෙන් වළකින්න.
- මානසික ආතතිය පාලනය කර රුධිර පීඩනය නිතිපතා පරීක්ෂා කරන්න.