p - වර්ගයේ අර්ධ සන්නායක
Si නිසග අර්ධ සන්නායකයක්, බෝරෝන් (B) වැනි III වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කළහොත් බෝරෝන් පරමාණුව අසළ ඇති සිලිකන් පරමාණු සමඟ බන්ධන සාදා ගනී. මෙහි දී බන්ධන හතර සාදා ගැනීමට බෝරෝන් පරමාණුවේ බාහිර කවචයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝන තුනක් හෙයින් එක් බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් ඌන වේ.
රූපයක් එක් කළ යුතුය
p - වර්ගයේ අර්ධ සන්නායකය
බෝරෝන් පරමාණුවේ බන්ධනය සෑදීමට ඉලෙක්ට්‍රෝනයක් ඌන වූ ස්ථානයේ කුහරයක් පිහිටයි. කුහර, ධන ආරෝපණයකට අනුරූප හෙයින් මෙම බාහ්‍ය අර්ධ සන්නායක ධන වර්ගයේ (positive type) හෙවත් p - වර්ගයේ (p-type) බාහ්‍ය අර්ධ සන්නායක ලෙස හැඳින්වේ. p - වර්ගයේ අර්ධ සන්නායකයක් තුළ කුහර සාන්ද්‍රණය, එය තුළ ඇති ඉලෙක්ට්‍රෝන සාන්ද්‍රණයට වඩා බොහෝසෙයින් වැඩි නිසා කුහර බහුතර වාහක ලෙස හැඳින්වෙන අතර නිදහස් ඉලෙක්ට්‍රෝන අල්පතර වාහක ලෙස හැඳින්වේ. බෝරෝන් වෙනුවට III වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වූ ඇලුමිනියම් (Al), ගැලියම් (Ga), ඉන්ඩියම් (In) ද භාවිත කළ හැකි ය. III වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය මගින් ඉලෙක්ට්‍රෝන ලබාගත හැකි කුහර නිර්මාණය කෙරෙන නිසා ඒවා ප්‍රතිග්‍රාහක පරමාණු ලෙස හැඳින්වේ.
n - වර්ගය
V වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් (P, As, Sb) මාත්‍රණය: දායක පරමාණු.
අමතර නිදහස් ඉලෙක්ට්‍රෝන ධාරාව ගෙන යයි.
p - වර්ගය
III වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් (B, Al, Ga, In) මාත්‍රණය: ප්‍රතිග්‍රාහක පරමාණු.
කුහර බහුතර වාහක වේ.