රුධිර පීඩනය
ධමනි බිත්ති මත රුධිරය ඇති කරන පීඩනය රුධිර පීඩනය යි.
නිරෝගී වැඩිහිටියකුගේ සාමාන්‍ය රුධිර පීඩනය
120 / 80 mm Hg
සංකෝචී / විස්තාරී
සංකෝචී පීඩනය
කෝෂිකා සංකෝචනය වන විට ඇති ඉහළ අගය.
විස්තාරී පීඩනය
හෘදය ඉහිල් වන විට ඇති පහළ අගය.
එය සාමාන්‍යයෙන් බාහුවේ දී රුධිර පීඩනමානයකින් මනිනු ලැබේ.